top of page
Search

"ගල් පර දැක පෙරමුණේ, කොයි නදියද නැවතුණේ?"

Updated: Jul 25, 2021

ගලාගෙන යන ජල ධාරාවක් ඉදිරියේ මොන පර්වතයක් තිබ්බත් ජල පහර නවතින්නෙ නෑ, පහත් තැනක් සොයාගෙන ගලා බහිනවාමයි.


"ගලන ගඟකි ජීවිතේ" කියලත් කියනවනේ. ඉතින් අපේ මේ ජීවන ගමනේදීත් අපිට ඕනෑ තරම් පොඩි ගල් ගෙඩි වගේම මහ පර්වතත් හමුවෙවී. ඒවා නැති උනොත් ජීවිතයත් එක තැන පල් වෙන වතුර වලක් වගේ නේද? ඒවා හමුවෙන තරමට තමයි බුබුලු නඟමින්, කැරකැවෙන්, හැඩ මවමින් ජීවිතය ගලාබසින්නෙ.


මොන බාධක හමුවුණත් අවසන තම අරමුණ වෙන සාගරය කරා ඇදෙන ගංගාවක් වගේ වෙන්න. පර්වතය සොලවන්න බැරි නම් ඒක වටෙන් යන්න පාර හොයාගන්න.

ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳුමකුත් තියෙනවා. තව ටිකක් හොඳින් බලන්න..

14 views0 comments

Recent Posts

See All
Post: Blog2_Post
bottom of page