කොස් ඇටය
මේක

ක්. ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි, මගේ ඇඟිලි දෙක අතරෙ තියෙන මේ පොඩි කොස් ඇටේට පුලුවන් කවදාහරි කොස් ගහක් වෙන්න; අවුරුදු ගනණක් දහස් ගනණකගෙ කුස පුරවන, ලොවට සිසිල දෙන, මහා විශාල ගහක් වෙන්න.
ඒක හරිම පුදුමාකාරයි නේද? ස්වාභාවධර්මයේ හැම දෙයක් තුලම තියෙනවා මෙබඳු පුදුමාකාර ශක්තියක්, පෙනෙනවාට වඩා විශාල දෙයක් කිරීමෙ හැකියාවක්.
ඒත් ඒ හැකියාව තිබූ පමණින්ම ඒක හැබෑවක් වෙන්නෙ නෑ. හැම කොස් ඇටයක්ම ගහක් වෙන්නෙ නෑ. ඒකට අවශ්‍ය කරන පාරිසරක සාධක ලැබෙන්න ඕන; ඉඩ තියෙන තැනක පොළොවට වැටෙන්න ඕන, අව්ව වැස්ස හරිහැටි ලැබෙන්න ඕන. එහෙම ලැබුණේ නැත්නම් මේ කොස් ඇටේ නිකන්ම වේලිලා යනවා, නැත්නම් සතෙක්‍ට අහරක් වෙනවා.
මම ඔයාට කියනවා ඔයාත් පුංචි කොස් ඇටයක්. පේනවට වඩා විශාල දෙයක් කිරීමේ හැකියාවක් ඔයා තුලත් තියෙනවා.
මම එහෙම කියන්නෙ නිකමට නෙවෙයි. මේ කොස් ඇටේ වගේම ඔයත් මේ ස්වාභාවධර්මයේ නිර්මාණයක්. ඔයත් මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ වැදගත් දෙයක් කරන්නයි. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන විභව ශක්තිය ඔයා තුලත් අනිවාර්යයෙන් තියෙනවා.
ඒ ශක්තිය අවදි කරන්න, ඒකට දලු දාල එන්න අවස්තාව දෙන්න. වේලිලා යන කොස් ඇටයක් නෙවෙන්න අනිවාර්යයෙන් හිතට ගන්න!